Home දේශීය පුවත් එක්ස්ප්‍රස් පර්ල් තවමත් ගිනි ගනී – පරිසර හානිය ගැනත් විශේෂ අවධානයට

එක්ස්ප්‍රස් පර්ල් තවමත් ගිනි ගනී – පරිසර හානිය ගැනත් විශේෂ අවධානයට

එක්ස්ප්‍රස් පර්ල් තවමත් ගිනි ගනී – පරිසර හානිය ගැනත් විශේෂ අවධානයට

කොළඹ පිටත වරායේ නැංගුරම්ලා තිබෙන “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ ගින්න තවදුරටත් ඇවිලෙමින් ඇතැයි නාවික හමුදා තොරතුරු සදහන් කළේය.

දින තුනක් තිස්සේ ගිනි ගැනීමකට ලක්වන නෞකාවේ ගින්න ව්‍යාප්ත වීමට ඇති ඉඩකඩ අහුරා ඇති බවත් ගින්න හටගෙන ඇත්තේ රසායනික ද්‍රව්‍ය අඩංගු බහලුමක බැවින් එම රසායනික ද්‍රව්‍ය වල ප්‍රතික්‍රියාව අවසන් වන තුරු සුළු ගිනි ගැනීමක් පවතින බව නාවික හමුදාවේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

කොළඹ වරායට සැතපුම් 10 කට ආසන්න දුරින් වූ මුහුදේ නැංගුරම්ලා තිබුණු මෙම නෞකාවේ ගින්න හටගන්නේ ඉකුත් 20 වෙනිදාය. ඒ බව නෞකාවෙන් කළ දැනුම්දීමට අනුව වරාය අධිකාරියේත් නාවික හමුදාවේත් ගිනි නිවීමේ අංශ ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් ගින්න ව්‍යාප්ත වීම මැඩ පවත්වා කාර්ය මණ්ඩලය සමග නෞකාවේ ආරක්ෂාව තහවුරු කරන ලදි. එම නෞකාව සිංගප්පූරුවේ ලියාපදිංචිකළ එකකි.

ගින්න මැඩලීමට ගුවන් හමුදාවද පසුව එක්වූ අතර බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයකින් ගින්න මැඩලීමට වියලි රසායනික ද්‍රව්‍ය කිලෝ 425 ක් ගුවනින් ගොස් නෞකාවේ ගින්න හටගනිමින් ඇති බහලුම් වෙත පතිත කළේය.

මෙම නෞකාවෙන් පරිසර හානියක් සිදුවී තිබේදැයි සොයා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මේ වන විට විමර්ශශනයක් ආරම්භකර ඇත. ගින්න හටගත් නෞකාව නැංගුරම්ලා තිබෙන ස්ථානය අවට මුහුදෙන් ජල සාම්පල් කිහිපයක්ද පරීක්ෂණ කටයුතු සදහා ලබාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here