Home උණුසුම් පුවත් පූනාකරී වැවේ පාවෙන බලාගාරයක් හදන්න ඕස්ට්‍රේලියානු සමාගමකට අනුමැතිය

පූනාකරී වැවේ පාවෙන බලාගාරයක් හදන්න ඕස්ට්‍රේලියානු සමාගමකට අනුමැතිය

පූනාකරී වැවේ පාවෙන බලාගාරයක් හදන්න ඕස්ට්‍රේලියානු සමාගමකට අනුමැතිය

ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් සෝලා ගෲප් සමඟ බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹීමට ඊයේ කැබිනට් අනුමැතිය හිමි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

මෙගාවොට් 1500ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සහිත මෙගාවොට් 700ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා මෙහිදී ආයෝජනය සිදුවනු ඇත.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනාකරි වැව මතුපිට සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ස්ථාපිත කෙරේ.

ඒ සඳහා ඩොලර් මිලියන 1,727 ක සෘජු විදේශ ආයෝජනයක් ද සිදුවන බව අමාත්‍යවරයා කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here