Home උණුසුම් පුවත් කන්දකාඩු කඳවුරෙන් පැන්න 23ක් අත්අඩංගුවට

කන්දකාඩු කඳවුරෙන් පැන්න 23ක් අත්අඩංගුවට

0
කන්දකාඩු කඳවුරෙන් පැන්න 23ක් අත්අඩංගුවට

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගිය පුනරුත්ථාපනය වෙමින් සිටි රැඳවියන්ගෙන් 23 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

පලාගිය ප්‍රමාණය නිශ්චිත වශයෙන් සඳහන් කළ නොහැකි බව ආරක්ෂක අංශ ප්‍රධානියෙක් සඳහන් කළේය.

පලාගිය රඳවියන් සෝමාවතිය රක්ෂිතයට ඇතුළුවී ඇති බවද සඳහන්ය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවූවන් පිරිසක් පලා ගොස් ඇත්තේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් අනතුරුව බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මුල් අවස්ථාවේදී පනස් දෙනෙකුගේ කණ්ඩායමක් පලා ගොස් ඇත. නැවත තවත් පිරිසක් පලා ගොස් ඇති අතර එම පිරිස කොපමණදැයි නිශ්චිතවම තවමත් තහවුරු වී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here