Home උණුසුම් පුවත් නාගරික නිවාසවල අයිතිය ලබාදීම තව පෙබරවාරියේ සිට..

නාගරික නිවාසවල අයිතිය ලබාදීම තව පෙබරවාරියේ සිට..

නාගරික නිවාසවල අයිතිය ලබාදීම තව පෙබරවාරියේ සිට..

පෙබරවාරි මාසයේ සිට නාගරික නිවාසවල අයිතිය එහි පදිංචිකරුවන්ට ලබාදීමේ පළමු අදියර ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

මේ යටතේ කොළඹ ඇතුළු සෑම දිස්ත්‍රික්කයකම පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය, නිවාස සංවර්ධන අධිකාරිය හා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් ඉදිකළ නිවාසවල අයිතිය එහි පදිංචිකරුවන්ට පැවරේ.

එවැනි නිවාස 52000 ක් පමණ මේ වනවිට හඳුනා ගෙන තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද මහතා සඳහන් කළේය.

ඉන් 50% ක ඔප්පු ප්‍රදානය පළමු අදියරේදී සිදු කෙරෙනු ඇති.

අයවැය යෝජනාවක් ලෙස ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ කඩිනමින් අවසන් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව ලේකම්වරයා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here