Home උණුසුම් පුවත් බඳවාගත්තට රාජකාරියට යොදවන තැන ප්‍රශ්නයක්

බඳවාගත්තට රාජකාරියට යොදවන තැන ප්‍රශ්නයක්

බඳවාගත්තට රාජකාරියට යොදවන තැන ප්‍රශ්නයක්

ඒකාබද්ධ සේවයේ නියුතු කළමනාකරණ සේවා නිලධාරින් ස්ථානගත කිරීමේදී ගැටලු ඇති වී තිබෙන බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා අද (04) පාර්ලිමේන්තුවේදි පැවසීය.

කළමනාකරණ සේවයේ ඇති පුරප්පාඩු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ එය විසඳීමට කටයුතු කරන බව ය.

වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, රාජ්‍ය කළමනාකරණ සේවයේ නිළධාරින් බඳවා ගැනීමෙන් පසු ස්ථානගත කිරීමේදී දී නුසුදුසු ආකාරයෙන් සිදු වී තිබෙන බවයි.

ඒ සඳහා සාධාරණ විසඳුමක් ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here