Home උණුසුම් පුවත් අවුකන බුදුපිළිමයට සිවුරු පෙරවීම ගැන පරීක්ෂණයක්

අවුකන බුදුපිළිමයට සිවුරු පෙරවීම ගැන පරීක්ෂණයක්

අවුකන බුදුපිළිමයට සිවුරු පෙරවීම ගැන පරීක්ෂණයක්

අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ සිවුරකින් සැරසීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට රජය තීරණය කරයි.

ඒ අනුවු බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස අදාළ බලධාරීන්ට නියෝග කර ඇතැයි වාර්තා වේ.

අවුකන බුදු පිළිමයට සිවුරන් ඇන්ඳවීමේ පිංකමක් සම්බන්ධයෙන් බව කියැවනෙ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමත් සමඟ බොහෝ දෙනා ඊට දැඩි විවේචන එල්ල කර තිබුණි. පහතින් දැක්වෙන්නේ සමාජ ජාලයේ සංසරණය වූ එම ඡායාරූප ය.

පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ප්‍රතිමාවක පවතින ස්වභාවය වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ක්‍රි.ව.8වැනි සියවසේ ඉදිකරන ලදැයි සැළකෙන උසින් අඩි 38යි අගල් 10 ක් පමණ වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලා වැවට බටහිරින් අවුකන ග‍‍‍මේ කලාවැව දෙසට මුහුණලා නෙලා ඇති අවුකන බුදු පිළිමය, මෙරට තුළ විශාලතම හිටි පිළිම අතුරින් ඉතා වැදගත් ස්ථානයක් හිමිකරගන්නා ශෛලමය පිළිමයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here