
රජයට සම්බන්ධ සියලුම ආයතන ඉදිරිපිට අද (නොවැ 27) විරෝධතාවයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ඒ රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රාජ්‍ය සේවකයන් විසිනි.
රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා සංගමය ඇතුළු රාජ්‍ය සේවා වෘත්තීය සමිති කිහිපයක් එක්ව මෙම විරෝධතාවය සැලසුම් කර ඇත.
අද දහවල් 12.00 ට ආරම්භ වන දිවා විවේකයේදී රාජ්‍ය සේවකයින් විසින් පැයක කාලයක් මෙම විරෝධතාව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
රාජ්‍ය සේවකයෝ රු. 20,000 ක වැටුප් වැඩිවීමක්, ලබන වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වැටුප් වර්ධක සඳහා සහ අවලංගු කරන ලද පූර්ණ විශ්‍රාම වැටුප් හිමිකම නැවත ලබා දීමටත් මෙම විරෝධය මගින් රජයට බලපෑම් කර සිටී.
සැලසුම් කර ඇති විරෝධතාව අද දහවල් සියලු රාජ්‍ය ආයතන ඉදිරිපිට පැවැත්වීමට නියමිත අතර ප්‍රධාන විරෝධතාව බත්තරමුල්ල සෙත්සිරිපාය ගොඩනැගිල්ල ඉදිරිපිට පැවැත්වීමට සැලසුම් කර තිබේ.
2024 වසර වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබූ අයවැය යෝජනාවල සඳහන් රජයේ සේවකයන් සඳහා රුපියල් 10000 ක වැටුප් වැඩිවීමෙන් අඩක් ( රු.5000.00 ) සහ විශ්‍රාමිකයන්ට වැඩිවූ රු.2500 ක මුදල ලබන ජනවාරි මාසයේ සිට ගෙවීමට රජය දැඩි උත්සාහයක නියැලෙමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටියි මහතා පවසා තිබුණි.