Home උණුසුම් පුවත් සියලු ග්‍රාම නිලධාරී පුරප්පාඩු පෙබරවාරියට පෙර සම්පූර්ණයි

සියලු ග්‍රාම නිලධාරී පුරප්පාඩු පෙබරවාරියට පෙර සම්පූර්ණයි

සියලු ග්‍රාම නිලධාරී පුරප්පාඩු පෙබරවාරියට පෙර සම්පූර්ණයි

ග්‍රාම නිලධාරි තනතුරේ සියලු පුරප්පාඩු ලබන පෙබරවාරි 4 වන දිනට පෙර සම්පූර්ණ කර අවසන් කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ග්‍රාම නිලධාරින්ගේ වෘත්තීය ගැටළු පිළිබඳව සොයා බැලීමේ සාකච්ඡාවකට එක්වෙමිනි.

2021 වසරේ අයදුම්පත් යොමුකළ සුදුසුකම්ලත් විභාග අපේක්ෂකයන් සඳහා දෙසැම්බර් මස 02 දින විභාග දෙපාර්තමේන්තුව විසින් ග්‍රාම නිලධාරි විභාගය පැවැත්වීමට නියමිතයි.

රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළේ මෙම විභාගයෙන් 2238 දෙනෙක් ග්‍රාම නිලධාරී වන තනතුරු සඳහා තෝරා ගැනීමට නියමිත බවයි.

ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව ඉතා කඩිනමින් සකස් කර එම නිලධාරීන්ගේ පවතින ගැටලු නිරාකරණය කරදීමට අග්‍රාමාත්‍යවරයා තමාට උපදෙස් දුන් බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here