Home උණුසුම් පුවත් පේරාදෙණිය ඇතුළුව මහනුවර නායයාම් අවදානම් තැන්වලින් පදිංචිකරුවන් ඉවතට

පේරාදෙණිය ඇතුළුව මහනුවර නායයාම් අවදානම් තැන්වලින් පදිංචිකරුවන් ඉවතට

පේරාදෙණිය ඇතුළුව මහනුවර නායයාම් අවදානම් තැන්වලින් පදිංචිකරුවන් ඉවතට

නායගිය පේරාදෙණිය නගරය ඇතුලුව අවදානම් යැයි නම් කළ මහනුවර දිස්ත්‍රික්කයේ සියලු ස්ථානවල පදිංචිකරුවන් ඉවත් කිරීමට කටයුතු කරන බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පවසයි.

එක් අයෙකු මරණයට පත් කරමින් ඊයේ රාත්‍රී නාය ගිය පේරාදෙණිය කදු ගැටය පාමුල ව්‍යාපාරික ස්ථාන ද දැඩි අවදානම් යැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුවත් කොට ඇතැයි ඒ මහතා තව දුරටත් පැවසීය.

මහනුවර කොළඹ මාර්ගයේ පේරාදෙණිය නගරයේ කදු ගැටයේ කොටසක් නායගොස් ව්‍යාපාරික ස්ථාන දෙකක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර ඊට යටවී එක් අයෙකු මරණයට පත්ව ඇත.

මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා.

අනතුරින් මරණයට පත්ව ඇත්තේ අනුර ජයවීර නම් 68 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

පේරාදෙණිය පොලීසිය, යුද හමුදාව, මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ අංශය, නාගරික ගිනි නිවීමේ සේවා දෙපාර්තම්න්තුව ඇතුලු ආයතන රැසක් එක්ව පේරාදෙණිය නගරය පිළීසකර කිරීමට එහිදී කටයුතු යොදා තිබේ.

මේ අයුරින් අවදානම් සහිත ස්ථාන පිළිබඳව අදාල අංශ හා පදිංචිකරුවන් දැනුවත් කිරිමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කළ බව ඉන්දික රණවීර මහතා කීවේය.

ඒ අනුව මැදදුම්බර රංගල පවුල් 15ක් ඉවත් කිරීමට අද පියවර ගන්නා බව ද ඒ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here