Home උණුසුම් පුවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය CIDයේ දැඩි පරීක්ෂාවට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය CIDයේ දැඩි පරීක්ෂාවට

0
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය CIDයේ දැඩි පරීක්ෂාවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ ලිපි ලේඛන අද දැඩි පරීක්ෂාවකට ලක් කළේය.

ඒ ව්‍යාජ ලේඛන ඉදිරිපත්කරමින් ක්‍රමවේදයෙන් තොරව HUMAN IMMUNOGLOBULIN නැමැති ප්‍රතිදේහ එන්නත් ව්‍යාජ ලේඛන යොදා ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට වෙත සපයා වංචා කිරීම සම්බන්ධයෙන් වූ විමර්ශනයට අදාලවය.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක, එහි නියෝජ්‍ය අධ්‍යක්ෂිකාවක් වන සොලමන් වශිහරන්, එහි සැපයුම් අංශයේ ගණකාධිකාරී නිරාන් ධනංජය සහ තොග පාලක සුජිත් වසන්ත කුමාර යන සිව් දෙනා ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත්තේය.

මෙම සැකකරුවන් සිව් දෙනා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන්කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිලි 05ක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භකල බවය. ඊට අදාලව හදුනාගත් පුද්ගලයින් 13 දෙනෙකුගේ විදෙස් ගමන් තහනම්කර ඇති බවද නිහාල් තල්දූව මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here