Home උණුසුම් පුවත් ‘ලිංගික අතවර චෝදනාවට වැරදිකරු වුණොත් ඉල්ලා අස්වෙනවා’ -කෝප් සභාපති

‘ලිංගික අතවර චෝදනාවට වැරදිකරු වුණොත් ඉල්ලා අස්වෙනවා’ -කෝප් සභාපති

‘ලිංගික අතවර චෝදනාවට වැරදිකරු වුණොත් ඉල්ලා අස්වෙනවා’ -කෝප් සභාපති

පාර්ලිමේන්තු සේවිකාවකට ලිංගික හිංසන කළැයි විපක්ෂය විසින් නඟන චෝදනා තමා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවත්, ඒ පිළිබඳ තමා වැරදිකරු වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමට සූදානම් බව, කෝප් කමිටුවේ සභාපති පොදුජන පෙරමුණේ මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේදී ඔහු තවදුරටත් කියාසිටියේ අදාළ චෝදනාව නැඟූ හේෂා විතානගේ මන්ත්‍රීවරයා වැරදිකරු වුවහොත් ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරමිනි.

මේ ප්‍රශ්නය වරප්‍රසාද කමිටුවට යොමු කරන ලෙසද එය කමිටුවේ දී විභාග කරන ලෙසද රංජිත් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලා සිටියේ සතියක් තිස්සේ මැතිසබයේදී තමා පසුපස විවිධ මන්ත්‍රීවරුන් පන්නන්නේ යම් යම් කාරණා නිසා බවත් ඒ පිළිබඳවද කරුණු හෙළිදරව් කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here