Home COVID “සති දෙකක් ජනතාව නිවසේ තැබිය යුතුමයි”- කොවිඩ් පාලන රාජ්‍ය ඇමතිනී

“සති දෙකක් ජනතාව නිවසේ තැබිය යුතුමයි”- කොවිඩ් පාලන රාජ්‍ය ඇමතිනී

“සති දෙකක් ජනතාව නිවසේ තැබිය යුතුමයි”- කොවිඩ් පාලන රාජ්‍ය ඇමතිනී

රටේම ජනතාව සති දෙකකට නිවසටම කර තැබිය යුතුම බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරියක් ලෙස තම නිර්දේශය බව කොවිඩ් වසංගත පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

මාධ්‍ය වෙත අද අදහස් දක්වමින් ඇය පෙන්වා දෙන්නේ දිනකට වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මෙන් තුන් ගුණයක් වත් සමාජය තුළ අවම වශයෙන් සැරිසන බවයි.

දෛනිකව කොවිඩ් ආසාදිතයන් හමුවීම, දෛනිකව සිදුවන කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යාම සීඝ්‍රයෙන් සිදුවන පවතින චක්‍රය බිඳ දැමීමට සති දෙකක් ජනතාව නිවසට කර තැබීමෙන් හැකිවන බව රාජ්‍ය අමාත්‍යවරිය අවධාරණය කරයි.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශිකාවක වන මහාචාර්ය කාමිණී මෙන්ඩිස්‌ සහ මහාචාර්ය මලික් පිරිස් සති දෙකකට ශ්‍රී ලංකාව වසා තැබිය යුතු බවට බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ කොරෝනා වසන්ගතයට හේතු වන වෛරසය පිලිබද පිළිබද දීර්ඝ අධ්‍යයනයක් කිරීමෙන් අනතුරුවයි.

ඔවුන් විද්‍යාත්මකව කරුණු දක්වමින් පවසා ඇත්තේ කඩින්‌ කඩ සංචරණ සීමා දැමීම, පළාත්‌ සංචරණ සීමා, ග්‍රාම සේවා වසම්‌ හුදෙකලා කිරීම පවතින අර්බුදයේ බරපතල බව ඉවත්‌ කිරීමට හේතු නොවනු ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here