Home උණුසුම් පුවත් චීන ජනපතිගේ විශේෂ නියෝජිතවරියක් ශ්‍රී ලංකාවට

චීන ජනපතිගේ විශේෂ නියෝජිතවරියක් ශ්‍රී ලංකාවට

චීන ජනපතිගේ විශේෂ නියෝජිතවරියක් ශ්‍රී ලංකාවට

චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත, චීන රාජ්‍ය මණ්ඩල සාමාජිකා ශෙන් යිචින් මහත්මිය, හෙට (15) සිට 21 වැනිදා දක්වා මාලදිවයින් සහ ශ්‍රී ලංකා චාරිකාවකට එක්වෙයි.

මාලදිවයිනේ නව ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ ආරාධනයකට අනුව එහි පැමිණෙන ඇය 17 වැනිදා මාලේ හි පැවැත්වෙන, ජනපති වැඩ භාරගැනීමේ උත්සවය‍ට සහභාගි වනු ඇත.

ඉන් අනතුරුව ශෙන් යිචින් මහත්මිය ලබන 18 – 21 වැනිදා දක්වා ශ්‍රී ලංකා චාරිකාවට එක්වන්නේ මෙරට රජයේ ඇරයුමක් අනුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here