Home උණුසුම් පුවත් ආරාමයේ නිධන් හෑරූ මෙහෙණියට වූ දේ..

ආරාමයේ නිධන් හෑරූ මෙහෙණියට වූ දේ..

0
ආරාමයේ නිධන් හෑරූ මෙහෙණියට වූ දේ..

ගලේවෙල ගලපාමුල ප්‍රදේශයේ පිහිටි සද්ධම්මසීලා ආරාමය තුළ නිධානයක් ගොඩගැනීමට පුද පූජා පවත්වමින් කැණීමක්කරමින් සිටි මෙහෙණියක් සහ තවත් අයෙකුව ගලේවෙල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

හෙබරව, අලුයටවෙල පදිංචි 44හැවිරිදි පුද්ගලයෙකු සහ 68 හැවිරිදි මෙහෙණිය මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ආරාමය තුළ නිධානයක් ගොඩගැනීමට කැණීමක් කරන බවට ලද තොරතුරකට අනුව වැටලීමක් කළ බවත් එහිදී පුද පූජා පවත්වා කැණීමක් කරමින් තිබෙනු දුටු බවත් පොලීසිය කියයි. ප්‍රශ්න කිරීමේදී මෙහි සිදුවන්නේ නිධානයක් ගොඩගැනීමට කරන කැණිමක් බව පෙනී ගිය බැවින් මෙහෙණියත් කැණීමකරමින් සිටි පුද්ගලයාත් අත්අඩංගුවටගත් බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here