Home උණුසුම් පුවත් සතුන්ට ඇටවූ විදුලි උගුලට තමන්ම හසුවී ගොවිපොල හිමිකරු මරුට

සතුන්ට ඇටවූ විදුලි උගුලට තමන්ම හසුවී ගොවිපොල හිමිකරු මරුට

0
සතුන්ට ඇටවූ විදුලි උගුලට තමන්ම හසුවී ගොවිපොල හිමිකරු මරුට

වන සතුන්ගෙන් සිය වගාබිම ආරක්ෂා කරගැනීමට ඇටවූ විදුලි උගුලකට හසුවී මකුල්පොත ප්‍රදේශයේ පදිංචි එම ගොවිපොලේ හිමිකරු මියගොස් ඇතැයි පන්සියගම පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ කේ.කේ.අබේරත්න නැමැති 52 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.

තමන් ඇටවූ විදුලි උගුලටම මෙම පුද්ගලයා පැටලී ඇත්තේ ඊයේ උදෑසන කාලයේදී බව පොලීසිය කියයි. එහිදී ඔහුව ගම්වැසියන් විසින් පොල්පිතිගම රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වන විටත් මියගොස් සිට ඇත.

අනවසරයෙන් විදුලිය ලබාගෙන මෙම විදුලි උගුල අටවා ඇති බව විමර්ශනයේදි පෙනී ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here