Home උණුසුම් පුවත් රුපියල් බිලියන 8000කට ආසන්න රජයේ අයවැයට කැබිනට් අනුමැතිය

රුපියල් බිලියන 8000කට ආසන්න රජයේ අයවැයට කැබිනට් අනුමැතිය

රුපියල් බිලියන 8000කට ආසන්න රජයේ අයවැයට කැබිනට් අනුමැතිය

2024 අයවැය යෝජනා සඳහා අද (13) පෙරවරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී ඇත.

2024 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙසජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (13) ප.ව. 12.00 ට පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

2024 විසර්ජන පනතට අනුව, රජයේ සමස්ත වියදම ආසන්න වශයෙන් රු. බිලියන 7,833 ක් ලෙස ගතහැකි අතර ඉන් රජයේ සේවා වියදම් දැරීම සඳහා රු. බිලියන 3,861 ක් වෙන් කොට ඇත.

එමෙන්ම 2024 මුදල් වර්ෂය තුළ ශ්‍රී ලංකාව තුළින් හෝ බැහැරින් හෝ මුදල් ලබාගැනීමට බලය පැවරීමේ දී 2024 වර්ෂයට අදාළව ලබාගනු ලබන ණය මුදල් හි සීමාව ලෙස දක්වා ඇත්තේ රු. බිලියන 3,900 නොඉක්මවිය යුතු ලෙසටයි.

මෙම විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව (පළමුවන වර කියවීම) පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ඉදිරිපත් කළ අතර ඊට අදාළ අනුමතිය පසුගිය 09 වැනිදා හිමිවිය.

2024 විසර්ජන පනත් කෙටුම්පතෙහි අඩංගු වන වියදම් ඇස්තමේන්තු සාරාංශය පහත දක්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here