Home උණුසුම් පුවත් අයවැය හෙටයි -ජනපති සූදානම් වෙයි

අයවැය හෙටයි -ජනපති සූදානම් වෙයි

අයවැය හෙටයි -ජනපති සූදානම් වෙයි

2024 අයවැය වාර්තාව මුදල් අමාත්‍යවරයා ලෙස, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අයවැය අවසන් අදියර සකස් කිරීමේ කටයුතු සහ ඉදිරිපත් කිරීම පිළිබඳව සාකච්ඡාවකට ජනාධිපතිවරයා අද (12) පෙරවරුවේ සිය නිල නිවසේදී එක් විය.

මෙවර අයවැයේදී රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම හා පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීමට යෝජනා කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

රුපියල් 20,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලා රාජ්‍ය සේවයේ විවිධ අංශවල සේවකයෝ පසුගිය දිනවල විරෝධතාවල ද නිරත විය.

මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, ෂෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජනාධිපති උපදේශක සමන් අතාවුදහෙට්ටි, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් මධුශංක දිසානායක යන මහත්වරු අද පැවති අයවැය සාකච්ඡාවට එක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here