Home උණුසුම් පුවත් වායුගෝලය කැළඹෙයි – දිස්ත්‍රික් 21කට අනතුරු ඇඟවීමක්

වායුගෝලය කැළඹෙයි – දිස්ත්‍රික් 21කට අනතුරු ඇඟවීමක්

වායුගෝලය කැළඹෙයි – දිස්ත්‍රික් 21කට අනතුරු ඇඟවීමක්

දිස්ත්‍රික් 21ක ප්‍රදේශවල තැනින් තැන අධික වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

අද (12) පස්වරු 1.00 සිට හෙට පස්වරු 1.00 දක්වා බලප්වැත්වෙන පරිදි මෙම අනාවැකිය නිකුත් කර ඇත.

ඒ අනුව මොනරාගල, බදුල්ල, පුත්තලම සහ අනුරාධපුර දිස්ත්‍රික් සඳහා වැසි පිළිබඳ අවවාදාත්මක ලෙසත්, සෙසු සියලු දිස්ත්‍රික් සඳහා අනතුරු ඇඟවීමක් ලෙසත් වැසි තත්ත්වය පිළිබඳ නිවේදනය කර ඇත.

දිවයින ආශ්‍රිත පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින ආශ්‍රිතව පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව ඔවුහු පෙන්වා දෙති.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් කුරුණෑගල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here