Home උණුසුම් පුවත් චීන ජාත්‍යන්තර කෘෂිකර්ම ප්‍රදර්ශනයට ඉහළ ආකර්ෂණයක්

චීන ජාත්‍යන්තර කෘෂිකර්ම ප්‍රදර්ශනයට ඉහළ ආකර්ෂණයක්

චීන ජාත්‍යන්තර කෘෂිකර්ම ප්‍රදර්ශනයට ඉහළ ආකර්ෂණයක්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 18ක කෘෂි නිෂ්පාදන ඇතුළත්, 20 වැනි චීන ජාත්‍යන්තර කෘෂිකර්ම ප්‍රදර්ශනයට 30,000කට අධික දෙස් විදෙස් ගැනුම්කරුවෝ පිරිසක් පැමිණෙති.

සිවුදින ප්‍රදර්ශනය චීනයේ ජින්දාඕ නගරයේ දී ඊයේ (9) ආරම්භ විය.

වර්ග මීටර 120,000 කින් යුතු භූමියක පැවැත්වෙන මෙය  කලාප 11 කින් සමන්විත වේ.

ව්‍යවසායකයන් 3000 ක් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති 20,000 කට අධික කෘෂි නිෂ්පාදන එහිදී ප්‍රදර්ශනය කෙරේ.

ධාන්‍ය, තෙල්, එළවළු, පලතුරු, පශු සම්පත්, මත්ස්‍ය නිෂ්පාදන ඇතුළු නිපැයුම් ඊට ඇතුළත් ය.

මෙහි ජාත්‍යන්තර ප්‍රදර්ශන කලාපයේ ශ්‍රී ලංකාව , කිර්ගිස්ථානය, උස්බෙකිස්ථානය හා ඉරානය ඇතුළු රටවල්  18 ක නිෂ්පාදන අන්තර්ගත වේ.

ප්‍රදර්ශනය අතරතුර ගොවිපොළ සන්නාම 425 කට අධික සංඛ්‍යාවක් එළිදැක්වීමට ද නියමිතයි. සන්නාම ප්‍රවර්ධන වැඩසටහන් ද ඊට සමගාමී ව සිදුකෙරෙනු ඇත.
 
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here