Home උණුසුම් පුවත් රට රැකියා වංචාවකට ටෙලිනාට්‍ය නළුවෙක් අත්අඩංගුවට

රට රැකියා වංචාවකට ටෙලිනාට්‍ය නළුවෙක් අත්අඩංගුවට

0
රට රැකියා වංචාවකට ටෙලිනාට්‍ය නළුවෙක් අත්අඩංගුවට

ඉතාලියේ රැකියා ලබාදෙන බව සඳහන් කරමින් පුද්ගලයින් රවටා මුදල් ලබාගෙන කට්ටි පනිමින් සිටි ටෙලිනාට්‍ය නළුවෙක් ඇතුළු තිදෙනෙක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසිනි.

ටෙලිනළුවා පිටකොටුවේදීත් ඔහුගේ සඟයන් දෙදෙනා කිරිබත්ගොඩදීත් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු තරු පන්තියේ හෝටල්වල කාමර කුළියට ගෙන රැදී සිටිමින් සමාජ ශාලාවල රාත්‍රීය ගතකරන අයෙක් බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින් කළ විමර්ශනයේදී පෙනී ගොස් ඇත.

කැසිනෝ සූදුවට තදින්ම ඇබිබැහි වී සිටින පුද්ගලයෙක් වන ඔහු වංචා කර ලබාගත් මුදල්වලින් සැලකිය යුතු ප්‍රමානයක් සූදුව වෙනුවෙන් වැයකර ඇති බව ද අනාවරණය වී තිබේ.

මෙම ටෙලි නළුවා මේ දිනවල රූපවාහිනී නාලිකා කිහිපයකම විකාශය වන ටෙලි නාට්‍ය රැසකම සහය නළුවෙක් ලෙස රඟපෑම්වල නිරතව සිටින්නෙක් බවද මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here