තවත්
    මුල් පිටුවspecialකෝලි සචින් සමකරයි

    කෝලි සචින් සමකරයි

    ඉන්දීය සුපිරි ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කර්ගේ එක්දින ශතක ගණන සමකිරීමට අද (05) දකුණු අප්‍රිකාව සමඟ පැවති තරඟයේදී විරාත් කෝලි සමත්විය.

    ඒ අනුව ශතක 49ක් රැස් කරමින් ලොව වැඩිම එක්දින ශතක සංඛ්‍යාවක් ලබා ගනිමින් ටෙන්ඩුල්කර් තබා තිබූ ලෝක වාර්තාව සම කරීමටද කෝලි හට හැකිවිය.

    ටෙන්ඩුල්කර් සිය 451 වැනි එක්දින ඉනිමේදී සිය 49 වැනි ශතකය වාර්තා කරද්දී කෝලි තමන් ක්‍රීඩා කළ 277 වැනි ඉනිමේදී සිය 49 වැනි ශතකය රැස් කිරීමට සමත්වීමද විශේෂත්වයකි.

    අද දින විරත්ගේ 35 වැනි උපන්දිනයද යෙදී තිබූ අතර ශතකය රැස් කරගැනීමත් සමඟම ප්‍රේක්ෂකයන් දැඩි ප්‍රීතයට පත්වූ ආකාරයද දැක ගැනීමට හැකිවිය.

    විරාත් පන්දු 121කදී නොදැවී ලකුණු 101ක් රැස්කරමින් ඉන්දීය ඉනිම ලකුණු සංඛ්‍යාව 326 දක්වා ගෙන යාමට සමත් විය.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img