Home උණුසුම් පුවත් SDIG ලා තුන්දෙනෙක්ට අද හෙටම නව පත්වීම්

SDIG ලා තුන්දෙනෙක්ට අද හෙටම නව පත්වීම්

0
SDIG ලා තුන්දෙනෙක්ට අද හෙටම නව පත්වීම්

නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස සේවයේ නිරතව සිටියදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ලෙස උසස්වීම් ලද නිලධාරීන් තිදෙනෙකුට අද හෙටම නව ස්ථාන සම්බන්ධයෙන් පත්වීම් නියෝග ලබාදීමට නියමිත බව පොලිස් කොමිෂන් සභාවේ තොරතුරු අනාවරණය කළේය.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක ලෙස සේවයේ නිරත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර , අපරාධ අංශය භාර ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අසංක කරවිට සහ මාතර හම්බන්තොට දිසා භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න යන මහත්වරු සම්බන්ධයෙන් මෙම නව පත්වීම් ලබාදීමට නියමිතව ඇත.

වරුණ ජයසුන්දර මහතා තවදුරටත් පොලිස් විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක ලෙසත් අසංක කරවිට මහතා පොලිස් අභ්‍යාස විද්‍යාලය ඇතුළු පොලීසියේ උසස් අධ්‍යාපන ආයතන ඇතුළු අංශ කිහිපයක් භාරවත් මහේෂ් සේනාරත්න මහතා ඌව පළාත් පොලිස් ප්‍රධානියා ලෙසත් බොහෝ දුරට පත්වනු ඇතැයි පොලිස් ආරංචි මාර් ග සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here