Home උණුසුම් පුවත් අද සිට ඉහළ යන ගෑස් මිල

අද සිට ඉහළ යන ගෑස් මිල

අද සිට ඉහළ යන ගෑස් මිල

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 95කින් ඉහළ දැමේ. එහි නව මිල රුපියල් 3,565ක් වන බව ලිට්‍රෝ සමාගම සඳහන් කළේය.

එමෙන්ම කිලෝග්‍රෑම් 05ක ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 38කින් වැඩි කර ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 1,431කි.

කිලෝග්‍රෑම් 2.3ක ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 18කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 668ක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here