තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාසල්වල විෂාමාචාර වැඩ නවත්තන්න බුද්ධි ඒකකයක්

    පාසල්වල විෂාමාචාර වැඩ නවත්තන්න බුද්ධි ඒකකයක්

    නව සමාජ බුද්ධි ඒකකයක් පිහිටුවා එහි කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පවසයි.

    මෙම නව සමාජ බුද්ධි ඒකකය, ජාතික බුද්ධි ඒකකය සමග ඒකාබද්ධව කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

    පාසල් පද්ධතිය තුළ සිදුවන විවිධ විෂමාචාර ක්‍රියා මැඩපැවැත්වීම සඳහා එම නව බුද්ධි කොට්ඨාසය හරහා අවශ්‍ය පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළේය.

    ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා,
    “අපි මේ වසර තුළ ජාතික බුද්ධි ඒකකයත්, ජාතික ශිෂ්‍ය භට බළකායත් සමග එකතුව සමාජ බුද්ධි එකකයක් පිහිටුවීමට තීරණය කළා. ඒ වැඩපිළිවෙල අපි මේ වසරේ ආරම්භ කළා. ඒ අනුව පාසල් තුළ සිදුවන අකටයුතුකම්, මත්ද්‍රව්‍ය උවදුර අවම කරන්න සහ නැති කරන්න වගේම මුලින්උපුටා දමන්න මේ බුද්ධි එකකය ඉවහල් කර ගැනීමට අපට හැකිවෙයි. ඒ වගේම ජාතික වීරයන් තරුණ පරපුර අතරින් බිහි කරන්න ජාතික වැඩපිළිවෙලක් ආරම්භ කළා.”

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img