Home උණුසුම් පුවත් න්‍යෂ්ටික අත්හදාබැලීම් තහනම් ගිවිසුමෙන් රුසියාව ඉවත් වෙයි

න්‍යෂ්ටික අත්හදාබැලීම් තහනම් ගිවිසුමෙන් රුසියාව ඉවත් වෙයි

න්‍යෂ්ටික අත්හදාබැලීම් තහනම් ගිවිසුමෙන් රුසියාව ඉවත් වෙයි

 
න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනම් කිරීමේ ගිවිසුම සඳහා පළ කළ අනුමැතිය අවලංගු කිරීමේ නියෝගයකට රුසියාව අත්සන් තබයි.

එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා ඊයේ (02) එම නියෝගයට අත්සන් තැබූ බව නිල ලේඛනයක දැක්වේ.
 
රුසියාව ගිවිසුමෙන් ඉවත් වුව ද න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුකරන බවක් ඉන් අදහස් නොවන බව ක්‍රෙම්ලිනය මීට පෙර ප්‍රකාශ කර තිබිණ.
 
එරට Duma සභාවේ සභාපති Vyacheslav Volodin  මහතා පැවසුවේ, වොෂින්ටනය ගිවිසුම අනුමත කරන තෙක් වසර 23 ක් තිස්සේ බලා සිටි නමුත්, ගෝලීය ආරක්ෂක ගැටළු සම්බන්ධයෙන් ඇමරිකාව සිය වගකීම් විරහිතභාවය පෙන්නුම් කර ඇති බවයි.
 
 න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනම් කිරීමේ ගිවිසුම,  සාමකාමී හෝ මිලිටරි අරමුණු සඳහා සිදුකරන සියලුම න්‍යෂ්ටික පිපිරුම් පරීක්ෂණ තහනම් කිරීම පිළිබඳ බහුපාර්ශ්වික එකඟතාවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here