Home උණුසුම් පුවත් සරණාගත සහන ආයතනවලට උපරිම සහාය දෙන්නැයි චීනය ලෝකයෙන් ඉල්ලයි

සරණාගත සහන ආයතනවලට උපරිම සහාය දෙන්නැයි චීනය ලෝකයෙන් ඉල්ලයි

සරණාගත සහන ආයතනවලට උපරිම සහාය දෙන්නැයි චීනය ලෝකයෙන් ඉල්ලයි

 
එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය වැනි බහුපාර්ශ්වික සහන සැපයුම් ආයතනවලට හැකි උපරිම අයුරින් සහාය වන්නැයි එක්සත් ජාතීන්ගේ චීනයේ උප නිත්‍ය නියෝජිත ගෙං ෂුවං මහතා ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී. හෙතෙම 31 වැනිදා ජගත් ආරක්ෂක මණ්ඩලයේ දී මේ බව පැවසීය.
 
ජාත්‍යන්තර ප්‍රජාව සැබෑ බහුපාර්ශ්විකත්වය ගරු කරමින්, විවිධ සම්පත්වලින් එම ආයතනවලට සහාය ලබා දිය යුතු බව චීන නියෝජිතයා කියාසිටියේය. සංවර්ධිත රටවල් තම සහාය දීම් පිළිබඳ පොරොන්දු ඉටු කළ යුතු බවත්, විශේෂයෙන් සරණාගත ප්‍රශ්නයට වගකිව යුතු රටවල් අදාළ සහායන් පුළුල් කර සරණාගතයන්ට සහ ඔවුන් පිළිගන්නා රටවලට උදව් දිය යුතු බවත් ඔහු පැවසීය.
 
පලස්තීන සරණාගත අර්බුදය දරුණු මෙන්ම දිගුකලක් තිස්සේ පවතින ගැටළුවකි. ගාසා තීරයේ වත්මන් අර්බුදකාරී තත්ත්වය ප්‍රායෝගික ලෙස සමනය කිරීම සඳහා, ජාත්‍යන්තර ප්‍රජාව කාර්යක්ෂම සහ මානුෂීය සහන මාර්ග විවෘත කිරීමට සෑම උත්සාහයක්ම දැරිය යුතු බව ද ගෙං ෂුවං මහතා අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here