Home උණුසුම් පුවත් බාල ඖෂධ ගෙන්වූ සමාගම් හිමිකරු රිමාන්ඩ්

බාල ඖෂධ ගෙන්වූ සමාගම් හිමිකරු රිමාන්ඩ්

බාල ඖෂධ ගෙන්වූ සමාගම් හිමිකරු රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ඖෂධ තොගයක් ආනයනය කළ බවට චෝදනා එල්ල වී ඇති ඖෂධ සමාගමේ හිමිකරු අරුණ දීප්ති නොවැම්බර් 15 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය කරනන ලද නියෝගයකට අනුවයි.

ව්‍යාජ ලේඛන භාවිතා කරමින් ඉමියුනෝග්ලොබින් එන්නත් කුප්පි 22,500 ක තොගයක් මෙරටට ගෙන්වන ලද සමාගමේ අධ්‍යක්ෂ අරුණ දීප්ති අද අත්අඩංගුවට ගෙන තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

ඒ මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් ලබන 16 වනදාට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය කරුණු ලැබූ නියෝගයට අනුවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන් දෙදෙනෙකුට සහ මෙම පුද්ගලයා වෙත මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා විදෙස් ගමන් තහනමක් පැනවීය.

අදාළ ඖෂධ ගෙන්වීමට ප්‍රසම්පාදන කටයුතු සිදුකරන ලද වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ විජිත් ගුණසේකර යන අයටද මෙලෙස විදෙස් ගමන් තහනම පනවා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here