තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්5 හපනුන්ගේ විභාග පිළිතුරු ඇගයීම ඇරඹේ -මාතරට වෙනසක්

    5 හපනුන්ගේ විභාග පිළිතුරු ඇගයීම ඇරඹේ -මාතරට වෙනසක්

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයිම අද ආරම්භ වේ.

    දිවයින පුරා මධ්‍යස්ථාන 434 කදී එම කටයුතු සිදු කරන බව නියෝජ්‍ය විභාග කොමසාරිස් ජනරාල් ලසික සමරකෝන් මහතා සඳහන් කළේය.

    අද සිට ලබන 31 වැනිදා දක්වා විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයිම සිදු කිරිමට සැලසුම් කර තිබේ.

    මාතර දිස්ත්‍රික්කයේ පමණක් පාසැල් වාර විභාග පැවැත්වෙන බැවින් ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයිම හෙට ආරම්භ කරන බව, නියෝජ්‍ය විභාග කොමසාරිස් ජනරාල් ලසික සමරකෝන් මහතා සඳහන් කළේ ය.

    2023 ශිෂ්‍යත්ව විභාගය පසුගිය 15 වැනිදා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,888 කදී පැවැත්වුණු අතර ඊට ඉදිරිපත් වූ සිසුන් සංඛ්‍යාව තුන් ලක්ෂ 37,596 කි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img