Home උණුසුම් පුවත් සණස බැංකුවක සේප්පුව කඩා කෝටියක රන් උස්සලා -3ක් මාට්ටු

සණස බැංකුවක සේප්පුව කඩා කෝටියක රන් උස්සලා -3ක් මාට්ටු

0
සණස බැංකුවක සේප්පුව කඩා කෝටියක රන් උස්සලා -3ක් මාට්ටු

කොටිකාවත්ත සණස බැංකුවේ සේප්පුව කඩා රුපියල් කෝටියකට ආසන්න රන් භාණ්ඩ සොරා ගැනීමක් ඇතුළු සොරකම් රැසකට සම්බන්ධ කාන්තාවක් ඇතුළු තිදෙනෙකුගේ කල්ලියක් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නාවල පිහිටි නිවාස දෙකක් බිඳ රුපියල් ලක්ෂ 56ක් වටිනා රන් භාණ්ඩ ඇතුළු දේපොල සොරා ගැනීමක්, කඳාන පල්ලිය පාරේ පිහිටි නිවසක් බිඳ රුපියල් ලක්ෂයකට අධික වටිනාකමක් ඇති දේපොල සොරා ගැනීමක්, වැල්ලම්පිටිය සාලමුල්ලේ නිවසත් බිඳ රුපියල් ලක්ෂයකට අධික වටිනාකමක් ඇති අඩි 06ක් උසැති පිත්තල පහනක් සොරා ගැනීමක් ඇතුළු සොරකම් රැසක් මෙම කාන්තාව ඇතුළු තිදෙනා විසින් කර ඇතැයි බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය විසින් කළ විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

අත්අඩංගුවටගත් කාන්තාව අවුරුදු 29ක් වන පන්විල පදිංචිකාරියකි. සෙසු සැකකරුවන් දෙදෙනා නාරාහේන්පිට සහ මෝදර පදිංචි අවුරුදු 35 සහ 40 යන වයස්වල පසුවන්නන්ය. මේ තිදෙනාම මත්ද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහි වී සිටින බව අනාවරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here