Home දේශීය පුවත් අජිත් මාන්නප්පෙරුමට මාසයක් මැතිසබේ තහනම්

අජිත් මාන්නප්පෙරුමට මාසයක් මැතිසබේ තහනම්

අජිත් මාන්නප්පෙරුමට මාසයක් මැතිසබේ තහනම්

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාට අද (19) දිනයේ සිට සති 4ක කාලයකa පාර්ලිමේන්තු සැසිවාර සදහා සහභාගිවීම තහනම් කර තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව පාර්ලිමේන්තුවට දන්වමින් පැවසුවේ බරපතල විනය විරෝධී ක්‍රියාවක් ලෙස සෙංකෝලය සභා ගර්භයේ පවතින අවස්ථාවක ස්පර්ශ කිරීම හේතුවෙන් මෙලෙස පාර්ලිමේන්තුව තහනම් කළ බවය.

පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් ස්ථාවර නියෝග අනුව විනයානුකූලව ක්‍රියා කළ යුතු බව ද කතානායකවරයා මෙහිදී අවධාරණය කළේය.

පාර්ලිමේන්තුවේ කටයුතු අතරතුරු දී වාචික ප්‍රශ්න විමසන අවස්ථාවේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් විනාඩි 10 ට පාර්ලිමේන්තුව කල් තැබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here