Home උණුසුම් පුවත් “IMF සමඟ ඉක්මණින් කාර්ය මණ්ඩල එකඟතාවට එන්න පුළුවන්”

“IMF සමඟ ඉක්මණින් කාර්ය මණ්ඩල එකඟතාවට එන්න පුළුවන්”

“IMF සමඟ ඉක්මණින් කාර්ය මණ්ඩල එකඟතාවට එන්න පුළුවන්”

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) දෙවැනි වාරිකය ලබාගැනීම සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයට ඉක්මනින් එළඹිය හැකි විශ්වාස කරන්නේ යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

මොරොක්කෝවේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමඟ පැවති 2023 වාර්ෂික රැස්වීම්වලදී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට හැකිවූ බව හෙතෙම කියා සිටී.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ තිරසාරභාවය සඳහා ලබා ඇති ප්‍රගතිය වේගවත් කිරීමටත් සහයෝගීතාවය වැඩිකර ගැනීම සඳහාත් පවතින ප්‍රමුඛතා එහිදී සාකච්ජා කළ බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

මේ අතර IMF දෙවැනි වාර්කය ශ්‍රී ලංකාවට ඉක්මනින් ලබාගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

දැනට පවත්වනු ලබන සාකච්ඡා සාර්ථක බැවින් එම අපේක්ෂාව තබා ගත හැකි බව ද හෙතෙම කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here