Home උණුසුම් පුවත් දක්ෂිණ අධිවේගයේ පස්කඳු කඩාවැටුණු කොටස ඇරෙන දවසක් තවම නෑ

දක්ෂිණ අධිවේගයේ පස්කඳු කඩාවැටුණු කොටස ඇරෙන දවසක් තවම නෑ

දක්ෂිණ අධිවේගයේ පස්කඳු කඩාවැටුණු කොටස ඇරෙන දවසක් තවම නෑ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ පින්නදූව කොටස වාහන ගමනාගමනයට සම්පූර්ණයෙන් විවෘත කරනුයේ එහි පර්යේෂණ වාර්තාවේ අවසන් නිගමනයෙන් අනතුරුව බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එම මාර්ග කොටසේ පසුගියදා පස් පස් කන්දක් කඩා වැටී මාර්ගය දෙපසින් ම අවහිර වීම ඊට හේතුවයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නායයාම් හා පස්කඳු කඩා වැටීම් සිදුවන තවත් ස්ථාන සොයා පර්යේෂණ ආරම්භ කර ඇති බව අධ්‍යක්ෂ ජෙනරාල් එල් වී එස් වීරකෝන් පැවසීය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් සහභාගී වන ආරක්ෂක අමාත්‍ය අංශය යටතේ පවතින ව්‍යාපෘතියක් හරහා අවදානම් සහගත ස්ථාන නිරීක්ෂණය කර ඒවාට කඩිනම් විසඳුම් ලබා දිමට සැලසුම් කර ඇති බවද ඔහු කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here