Home උණුසුම් පුවත් බයිඩන් හදිසියේම ඊශ්‍රායලයට

බයිඩන් හදිසියේම ඊශ්‍රායලයට

බයිඩන් හදිසියේම ඊශ්‍රායලයට

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් හෙට (18) දිනයේ ඊශ්‍රායලයේ සංචාරයක නිරත වීමට නියමිත බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් අද (17) අලුයම මාධ්‍ය වෙත සඳහන් කළේය.

රාජ්‍ය ලේකම් බ්ලින්කන් ඊශ්‍රායාල බලධාරීන් සමඟ පැය හතකට අධික කාලයක පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත මේබව ප්‍රකාශ කළේය.

“ජනාධිපතිවරයා විසින් ඊශ්‍රායලය විසින් සිය මෙහෙයුම් සිවිල් වැසියන්ට අවම හානියක් වන ආකාරයෙන් ක්‍රියාත්මක කළ ආකාරය සම්බන්ධයෙන් සවන් දීමක් කරයි. එමෙන්ම ගාසා තීරයේසිවිල් වැසියන් වෙත මානුෂීය ආධාර ගලා ඒමට හැකිවන පරිදි මෙමෙ මෙහෙයුම් කරන ආකාරයක් දැන ගැනීමට ඔහු කටයුතු කරයි.” යනුවෙන්ද ඔහු පැවසීය.

මේවන විට ඊශ්‍රායලය විසින් දිගින් දිගටම ගාසා තීරයට ප්‍රහාර එල්ල කරමින් සිටින අතර එහිදී ගාසා තීරයේ සිවිල් වැසියන් විශාල පිරිසකට හානි සිදුවී ඇති බවටද චෝදනා රැසක් එල්ල වේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් දැඩි නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here