Home උණුසුම් පුවත් පෝට් සිටි කෙටුම්පතේ ජනමත විචාරණ – බහුතරය ඕනෑ වගන්ති මෙන්න

පෝට් සිටි කෙටුම්පතේ ජනමත විචාරණ – බහුතරය ඕනෑ වගන්ති මෙන්න

පෝට් සිටි කෙටුම්පතේ ජනමත විචාරණ – බහුතරය ඕනෑ  වගන්ති මෙන්න

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතහි වගන්ති ගණනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකවරයා වෙත දැනුම්දී තිබේ.

ඇතැම් වගන්ති සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයක් සහ ඇතැම් වගන්ති සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව මගින් දන්වා ඇත.

එම වගන්ති සංශෝධනය කර ඉදිරිපත් කරන්නේ නම් සරල බහුතරයක් ප‍්‍රමාණවත් බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කොට තිබූ පෙත්සම් සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද පාර්ලිමේන්තුව මෙලෙස දැනුවත් කළේය.

කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here