Home උණුසුම් පුවත් කප්පම් නොදුන්නාට කඳානේ ව්‍යාපාරිකයාගේ නිවසට වෙඩි තැබූ වෙඩික්කරු පොලිස් වෙඩිපහරින් මරුට

කප්පම් නොදුන්නාට කඳානේ ව්‍යාපාරිකයාගේ නිවසට වෙඩි තැබූ වෙඩික්කරු පොලිස් වෙඩිපහරින් මරුට

0
කප්පම් නොදුන්නාට කඳානේ ව්‍යාපාරිකයාගේ නිවසට වෙඩි තැබූ වෙඩික්කරු පොලිස් වෙඩිපහරින් මරුට
Israeli practice shooting with in a shooting range called Magnum 88 in Jerusalem, on March 08. 2007. Photo by Olivier Fitoussi /Flash90. *** Local Caption *** ?????????? ??? ???? ??? ??? ????? ???? ??

කදාන පොල්පිතිමූකලානේ පදිංචිව සිටින මාළු ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පසුගිය 05 වෙනිදා යතුරුපැදියකින් තවත් අයෙක් සමඟ පැමිණ වෙඩි තබා පළාගොස් සැඟව සිටි පාතාලයේ වෙඩිකරුවෙක් පොලිස් වෙඩි ප්‍රහාරයකින් අද අළුයම සපුගස්කන්දේදී මරුමුවට පත්විය.

ඩුබායි හී රැදී සිටින පාතාල අපරාධකරුවන් දෙදෙනෙක් වන වරුණ හා චූටි මල්ලි යන දෙදෙනා විසින් දුරකථනයෙන් ඇමතුම් දෙමින් මෙම ව්‍යාපාරිකයාගෙන් රුපියල් කෝටියක කප්පමක් ඉල්ලා තර්ජනයකර ඇති බවත් එම මුදල් නොදීම හේතුවෙන් ව්‍යාපාරිකයාගේ නිවසට වෙඩි තබා තිබුණු බවත් පොලිස් විමර්ශන වලින් තොරතුරු අනාවරණය වී තිබුණි.

මෙම වෙඩි ප්‍රහාරය එල්ලවන විට ව්‍යාපාරිකයාත් ඔහුගේ බිරිඳ හා දරු දෙදෙනාත් නිවසේ සිට ඇත. කඳාන පොලීසිය මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ වෙඩික්කරු සපුගස්කන්ද පොලිස් වසමට අයත් පමුණුවිල සමිඳු මාවතේ නිවසක රැදී සිටින බවය. ඒ අනුව අද අළුයම් කාලයේදී කඳාන පොලීසියේ නිලධාරී කණ්ඩායමක් එම නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු විසින් පොලීසියට වෙඩි තබා ඇති බවත් එහිදී පොලීසිය විසින් පෙරලා එල්ල කල ප්‍රති ප්‍රහාර හමුවේ සැකකරු මරුමුවට පත්ව ඇති බව පොලීසිය කියයි.

පොලිස් වෙඩි ප්‍රහාර හමුවේ මරුමුවටපත්වූ සැකකරු අවුරුදු 49ක් වයසැති අංගොඩ පදිංචි පුද්ගලයෙක් බව පොලීසිය කියයි. මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here