Home උණුසුම් පුවත් ප්‍රවීන කලාකරුවෝ 200ක් කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලබති

ප්‍රවීන කලාකරුවෝ 200ක් කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලබති

ප්‍රවීන කලාකරුවෝ 200ක් කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලබති

මෙරට කලාකරුවකු ලබන ඉහළම සම්මානය වන ‘කලාභූෂණ’ සම්මානයෙන් දිවයින පුරා විසිරී සිටින පරිණත කලාකරුවන් 200 දෙනෙක් අද පිදුම් ලබා තිබේ.

ඒ, කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටුකළ කලාශිල්පීන් ඇගයිමට ලක්කෙරෙන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල 2022, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ මහරගම තරුණ සේවා සභාවේ දී පැවැති අවස්ථාවේදී ය.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල මෙවර පවත්වනු ලැබුවේ 38 වෙනි වරටය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංකේතාත්මකව සම්මාන පිළිගැන්වීමට එක් වූ අතර සම්මාන ලාභී කලාකරුවන් සඳහා කලාභූෂණ ගෞරව නාමය, උපහාර සම්මානය , සහතික පත්‍රය සමඟ රුපියල් පනස් දහසක මුදල් ත්‍යාගයක් ද පිරිනැමිණ.

සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන මහත්මිය විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වූවාය.

සම්මාන උළෙල ආරම්භ කිරීමට පෙර, අභාවප්‍රාප්ත කලා ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා ඇතුළු කලාකරුවන් වෙනුවෙන් නිශ්ශබ්දතාවයක් පවත්වා උපහාර පුද කිරීම ද සිදු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here