Home උණුසුම් පුවත් 2030 වෙද්දී සියලුම පාසල් සිසුන්ට දවල් කෑම නොමිලේ

2030 වෙද්දී සියලුම පාසල් සිසුන්ට දවල් කෑම නොමිලේ

2030 වෙද්දී සියලුම පාසල් සිසුන්ට දවල් කෑම නොමිලේ

2030 වසර වනවිට සියලුම පාසල් සිසුන්ට පාසල් දිවාආහාරය නොමිලේ ලබාදීමට ක්‍රියා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

2023 වසරටත් වඩා ප්‍රතිපාදන යොදමින් ඉදිරියේ දී පාසල් නිල ඇඳුම්, දිවා ආහාර වැනි දීමනා ක්‍රමානුකූලව වැඩිකරන බව ද හෙතෙම කීය.

ඊට ප්‍රතිපාදන සලසා ගැනීමට අදාළ සාකච්ඡා ප්‍රංශ රජය ඇතුළු අදාළ පාර්ශව සමග මේ වන විට සිදු කරමින් පවතින බව අමාත්‍යවරයා පැවසී ය.

මුලතිව් මල්ලාවි මධ්‍ය විද්‍යාලයේ පැවති කෘෂිකාර්මික ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් එක් වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

සියල්ල මධ්‍යයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාළ නොවී පවත්වාගෙන යාමට අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළේය.

තිරසාර අධ්‍යාපන වැඩපිළිවෙළ ඉදිරියට පවත්වාගෙන යාමට සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බවත් ලෝකය ම මුහුණ පා සිටින යුද ගැටුම්, දේශගුණ විපර්යාස, වසංගත වැනි ව්‍යසන හමුවේ මේ අධ්‍යාපනික අභියෝග ජයගත යුතු ව පවතින බවත් සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here