තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙන්ඩිස්ගේ ශතකයෙන් ලංකාව ප්‍රබල තැනක

    මෙන්ඩිස්ගේ ශතකයෙන් ලංකාව ප්‍රබල තැනක

    කුසල් මෙන්ඩිස් එල්ල කළ ප්‍රවේගකාරී පිති හරඹය හේතුවෙන් පාකිස්ථානයට එරෙහිව පන්දුවාර 38ක් අවසානයේ කඩුලු 4කට ලකුණු 270ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටී.

    නොදැවී පන්දුවට පහර දෙන සදීර සමරවික්‍රම 64ක් හා ධනංජය සිල්වා ලකුණු 22ක් ලබා සිටිති.

    කුසල් මෙන්ඩිස් පන්දු හැත්තෑ හතකදී ලකුණු 122ක් ලබා ගත් අතර ඊට 6 පහර 6ක් හා හතරෙ පහර 14ක් අන්තර්ගත විය. පන්දුවට පහරදීමේ දී ඔහුට අනගි සහායක් ලබාදුන් පැතුම් නිශ්ශංක ලකුණු 51ක් ලබා ගත්තේය.

    මෙවර පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදෙන දෙවැනි තරගය මෙයයි. මීට පෙර දකුණු අප්‍රිකාව සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්විය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img