Home උණුසුම් පුවත් STF ඩිෆෙන්ඩරයක් අනතුරක – සෙබළු 2ක් මරුට

STF ඩිෆෙන්ඩරයක් අනතුරක – සෙබළු 2ක් මරුට

STF ඩිෆෙන්ඩරයක් අනතුරක – සෙබළු 2ක් මරුට

වව්නියාව, වේලිකුලම් ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) සෙබළුන් දෙදෙනෙකු මියගොස් තවත් STF නිලධාරීන් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ඊයේ රාත්‍රි 9.30 ට පමණ මෙම අනතුර සිදුව ඇත.

ඊයේ රාත්‍රියේ අධික වර්ෂාව මධ්‍යයේ පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් රථය ගවයකු ගැටී රථය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී ඇත.

සිද්ධියෙන් වවුනියාව මඩුකන්ද පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අනුයුක්තව සේවය කළ නිලධාරීන් දෙදෙනකු මියගොස් ඇත.

තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් වව්නියාව රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල සහ මැදවච්චිය ප්‍රදේශවල පදිංචිව සිටි 29 සහ 31 හැවිරිදි පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් බව සඳහන් ය.

මේ අතර, තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අතර උප පොලිස් පරීක්ෂකවරයෙකු (SI), සැරයන්වරුන් දෙදෙනෙකු සහ වාහනයේ රියදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙකු ද වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here