Home උණුසුම් පුවත් කොළඹ ඇතුළු දිස්ත්‍රික් 9කට නායයාම් අවදානමක්

කොළඹ ඇතුළු දිස්ත්‍රික් 9කට නායයාම් අවදානමක්

කොළඹ ඇතුළු දිස්ත්‍රික් 9කට නායයාම් අවදානමක්

කොළඹ දිස්ත්‍රික්කය ඇතුළුව දිස්ත්‍රික් 9කට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින්, අධික වැසි හේතුවෙන් හෙට (07) දිනය දක්වා එම අනතුරු ඇඟවීම කර ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ, සීතාවක, පාදුක්ක ප්‍රදේශවලට නායයාමේ අවදානමක් පවතී.

ගාල්ල දිස්ත්‍රික්කයේ, නාගොඩ, කඩවත් සතර, තවලම, අම්බලන්ගොඩ, නියාගම, අක්මීමන, ඉමදූව, බෝපේ පෝද්දල, යක්කලමුල්ල සහ බද්දේගම ප්‍රදේශවලටද නායයාමේ අවදානම අනතුරු අඟවා තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රදේශවලට ද මෙම අවධානම පවතී.

කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ, අගලවත්ත, පාලින්දනුවර සහ බුලත්සිංහල ද මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළයට ද මෙම අවදානම් ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, දැරණියගල, යටියන්තොට, කෑගල්ල සහ රුවන්වැල්ල යන ප්‍රදේශවල ද මාතර දිස්ත්‍රික්කයේ කොටපොල, වැලිපිටිය, මුලටියන, තිහගොඩ, මාලිම්බඩ, මාතර, කඹුරුපිටිය, පස්ගොඩ, කිරින්ද පුහුල්වැල්ල, හක්මන, අතුරලියටද නායයාමේ අවදානම අනතුරු අඟවා තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න, ගොඩකවෙල, ඉඹුල්පේ, පැල්මඩුල්ල, අයගම, නිවිතිගල, කිරිඇල්ල, විවෘතනායක, කහවත්ත සහ වැලිගෙපොල යන ප්‍රදේශවලද හෙට දිනය දක්වා නායයාමේ අනතුරු ඇඟවීම නිකුත් කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here