Home උණුසුම් පුවත් මධ්‍යම අධිවේගයේ දී මෛත්‍රීගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක්

මධ්‍යම අධිවේගයේ දී මෛත්‍රීගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක්

0
මධ්‍යම අධිවේගයේ දී මෛත්‍රීගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කුරුණෑගල ප්‍රදේශයේ උත්සවයකට අද සහභාගිවීමට නියමිතව තිබුණා. ඔහු කුරුණෑගලට පැමිණ නැවත කොළඹ බලා පිටත්ව යාමට සූදානම්වූයේ මධ්‍යම අධිවේගී මාර්ගය ඔස්සේ.

කුරුණෑගල අන්තර් හුවමාරුවට පැමිණි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෝටර් රථය මුදල් ගෙවීමේ කවුන්ටරය අසල නතර කළේය. රියදුරු ටිකට්පත ලබාගැනීමෙන් පසු ආරක්ෂක ගේට්ටුව ඉහළට එසවිය. රථය ඉදිරියට ගන්නවාත් සමඟ එකවරම එය නැවතත් පහළට වැටෙන්නේ මෝටර් රථය මතටය.

මේ ගැන මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට සිටින ප්‍රභූ ආරක්ෂක අංශයේ නිලධාරීන්ට ගෙන දුන්නේ සැකයකි. ඒ මෙයට පෙරත් මෙවැනිම සිදුවීමක් වී තිබුණු බැවිනි. ඒ බව සිය උසස් නිලධාරීන්ට පවා ඔවුන් දැනුම් දුන්නේය. ඒ අනුව දැන් විමර්ශනයක් සිදුවන්නේ එම අවස්ථා දෙකේ යම් සම්බන්ධයක් තිබේදැයි කියා සොයා බලන්නටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here