Home උණුසුම් පුවත් මිද්දෙණිය අපරාධ OICගේ වැඩ තහනම්

මිද්දෙණිය අපරාධ OICගේ වැඩ තහනම්

0
මිද්දෙණිය අපරාධ OICගේ වැඩ තහනම්

අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝගමත මිද්දෙණිය පොලිස් ස්ථානය තුළ රදවා සිටි සැකකරුවෙක් අත්විලංගු පිටින් පලායාමක් සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට තංගල්ල කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පියවර ගෙන ඇත.

එසේ මිද්දෙණිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත්තේ සැකකරු පළාගොස් ඇත්තේ ඔහුව සිර මැදිරියෙන් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා විසින් පිටතට ගෙන සිටියදී වූ බැවිනි.

මෙම වැඩ තහනම ක්‍රියාක්මක කර ඇත්තේ ඊයේ සිටය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ඇඹිලිපිටිය ඒකකයේ නිලධාරීන් විසින් පසුගිය සැත්තැම්බර් 27 වෙනිදා කළ වැටලීමකදී මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණි. දෙබොක්කාවේ පදිංචි ඉෂාන් මධුසංඛ නැමැති මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය වැටලීමකදීය.

අධිකරණයට ඉදිරිපත්කර රැදවුම් නියෝග ලබාගෙන මිද්දෙණිය පොලිස් ස්ථානයේ රදවා සිටි සැකකරු පළාගොස් ඇත්තේ පසුගිය 29 වෙනිදාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here