Home උණුසුම් පුවත් ලෝක ළමා දිනය වෙනුවෙන් ගුවන් හමුදාවෙනුත් සැමරුම්

ලෝක ළමා දිනය වෙනුවෙන් ගුවන් හමුදාවෙනුත් සැමරුම්

ලෝක ළමා දිනය වෙනුවෙන් ගුවන් හමුදාවෙනුත් සැමරුම්

‘සියල්ලටම වඩා දරුවන් වටී’ යන තේමාවෙන් මෙවර පැවති ලෝක ළමා දිනයට සමගාමිව ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කළ ලෝක ළමා සැමරුම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රදානත්වයෙන් බණ්ඩාරගම පර්ල් බේ ජල ක්‍රීඩා උද්‍යානයේ දී (Pearl Bay Water Park) පැවැත්වින.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මැතිණියගේ මගපෙන්විමෙන් සංවිධානය කරනු ලැබු මෙම ළමා දින සැමරුමි උත්සවය සදහා දරු දැරියන් 1000 ක් පමණ සහභාගි වු අතර දරු දැරියන් වෙනුවෙන් විනෝද ක්‍රිඩා රැසක් ද සංවිධානය කරන ලදි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරනු ලැබු ගුවන් රන් දරු සිත්තමි – 2023 චිත්‍ර තරගාවළියේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රධානය කිරිමද මෙහිදි සිදු කරනු ලැබු අතර, මෙම අවස්ථාව සදහා සහභාගි වු සෑම දරුවකු හටම වටිනා ත්‍යාග පාර්සලයක් ද පිරිනමන ලදි.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී මෙන්ම අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරින්, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් ඇතුලු පිරිසක් සහභාගි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here