Home උණුසුම් පුවත් ගංගා කිහිපයක් ආශ්‍රිතව ගංවතුර අවදානමක්

ගංගා කිහිපයක් ආශ්‍රිතව ගංවතුර අවදානමක්

ගංගා කිහිපයක් ආශ්‍රිතව ගංවතුර අවදානමක්
file photo

කළු ගඟ, කුඩා ගඟ හා නිල්වලා ගඟ, ගිං ගඟ ආශ්‍රිතව ගංවතුර අවදානමක් අනතුරු අඟවා තිබේ.

ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ ඉදිරි පැය 24ක කාලය සඳහා මෙම අවදානම පවතින බවයි.

ඒ අනුව කළු ගඟේ කුඩගඟ උප ද්‍රෝණිය ආශ්‍රිත පාලින්දනුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගංවතුර අවදානමක් පවතී.

එමෙන්ම නිල්වලා ගංගාව ආශ්‍රිතව කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, පස්ගොඩ, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ද ගංවතුර අවදානමක් පිළිබඳ එම මධ්‍යස්ථානය අනතුරු අඟවා සිටී.

ගිංගඟ ගඟ ආශ්‍රිතව වැලිවිටියදිවිතුර, බද්දේගම, නියාගම නෙළුව, තවලම, නාගොඩ, ඇල්පිටිය බෝපේපොද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලද මෙම ගංවතුර අවදානම පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here