Home උණුසුම් පුවත් ලැගුම්හලකදී මරාදැමුණු මනෝ උපදේශිකාවගේ සිරුර තාම පොලිස් මෝචරියේ

ලැගුම්හලකදී මරාදැමුණු මනෝ උපදේශිකාවගේ සිරුර තාම පොලිස් මෝචරියේ

0
ලැගුම්හලකදී මරාදැමුණු මනෝ උපදේශිකාවගේ සිරුර තාම පොලිස් මෝචරියේ

තලංගම පිහිටි ලැගුම් හලකදී ගෙලකපා ඝාතනය කළ සුජාතා මුණසිංහ මානාභරණ නැමැති කාන්තාවගේ අනන්‍යතාවය තවමත් තහවුරු වී නොමැති බැවින් සති තුනකට ආසන්න කාලයත් පුරාවට සිරුර ඇත්තේ පොලිස් මෝචරියේය.

යුද්ධය පැවති සමයේදී හමුදා කදවුරුවලටත් පොලිස් ස්ථානවලටත් ගොස් රණවිරුවන්ගේ චිත්ත ධෛර්ය නැන්වීමට යැයි සඳහන් කරමින් ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ ආශිර්වාදය හා අවසරය ඇතිව මනෝ උපදේශන කටයුතුවල නිරතව සිටි මනෝ උපදේශකවරියක් වූ ඇය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් සොයා ගැනීමට නොහැකි වීම පුදුම උපදවන සුළුය.

මෙම කාන්තාවගේ සිරුර හමුවී ඇත්තේ පසුගිය 04 දහවල් කාලයේදීය. ඇය සමග ලැගුම් හලේ කාමරයේ සිටි පුද්ගලයෙක් විසින් ඇයව මරා දමා තිබුණි. ඇයව මරා දැමූ පුද්ගලයා විසින් ලියා තබන ලද ලිපියක්ද ඇය ඝාතනය වී සිටි කාමරයේ තිබී හමුවිය. එම පුද්ගලයා කවුරුන්දැයි කියාවත් පැහැදිලි කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here