Home උණුසුම් පුවත් පොලිස් නිලධාරීන්ට තෑගි දෙන්න දුන් ලක්ෂ 7කට සාජන් වැඩේ දීලා

පොලිස් නිලධාරීන්ට තෑගි දෙන්න දුන් ලක්ෂ 7කට සාජන් වැඩේ දීලා

0
පොලිස් නිලධාරීන්ට තෑගි දෙන්න දුන් ලක්ෂ 7කට සාජන් වැඩේ දීලා

අපරාධ හා දූෂණ මර්දන කටයුතු කිරීම වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට ලැබිය යුතු රුපියල් ලක්ෂ 07කට අධික ත්‍යාග මුදලක් වංචා සහගතව ලබාගත් ගාල්ල පොලීසියේ සේවය නිරත පොලිස් සැරයන්වරයෙකුව ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින්අත්අඩංගුවට ගෙන තිබේ.

කේ. ජයවර්ධන (26244) නැමැති මෙම සැරයන්වරයා ගාල්ල පොලිස් ස්ථානයේ පාලන අංශයේ මුදල් ගෙවීම්භාර නිලධාරියා ලෙස සේවයේ නිරත වෙමින් මෙම වංචාව සිදුකර ඇත. මෙම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමටද ඊයේ ගාල්ල පොලිස් අධිකාරීවරයා පියවර ගෙන තිබුණි.

ගාල්ල කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් පසුගිය අප්‍රේල් 06 වෙනිදා පොලිස් නිලධාරීන්ට ත්‍යාග මුදල් ලෙස ලබාදීමට නිකුත් කළ රුපියල් 728,150ක චෙක්පතක් හොර රහසේ මාරුකරමින් මෙම මුදල් වංචාව මෙම නිලධාරියා කර ඇති බව සඳහන්ය.

ගාල්ලේ පිහිටි රාජ්‍ය බැංකුවකින් චෙක්පත මාරුකර ලබාගත් මුදල් එම නිලධාරියා සිය පුද්ගලික පරිහරණය සහා භාවිතාකරමින් පොදු දේපොල පනත යටතේ වරදක් කර ඇති බැවින් අත්අඩංගුවට ගෙන ඇත්තේද පොදු දේපොල පනතේ විධිවිධාන යටතේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here