Home උණුසුම් පුවත් රටින් පනින්න ගිය වංචනික නෝර්වේජියානුවා හිරවෙයි

රටින් පනින්න ගිය වංචනික නෝර්වේජියානුවා හිරවෙයි

0
රටින් පනින්න ගිය වංචනික නෝර්වේජියානුවා හිරවෙයි

එංගලන්ත සමාගමක කොටස් ලබාදෙන බව සදහන් කරමින් මෙරට ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබාගෙන වංචාකර රටින් පිටව යාමට සූදානම් වූ නෝර්වේජියානු ජාතිකයෙකුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඇන්ඩ්‍රියාස් බොයිස් වික් නම් වූ වයස අවුරුදු 42ක් වන මෙම නෝවේජියානු ජාතිකයාට එරෙහිව කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට ලැබී තිබුණු පැමිණිල්ලකට අනුව ගුවන් ගමන් තහනමක් ඔහුට අධිකරණය මගින් පනවා තිබී ඇත. ඒ බව නොදැන ඔහු රටින් පිටව යාමට ඊයේ ගුවන්තොටුපොලට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ආගමන විගමන නිලධාරීන් විසින් මෙම නෝර්වේජියානු ජාතිකයාව කටුනායක ගුවන්තොටුපොල පොලිස් ස්ථානයට භාරදීමෙන් තිබුණි. පසුව ඔහුව කටුනායක ගුවන්තොටුපොල පොලීසියේ නිලධාරීන් විසින් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට භාරදී තිබේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඔහුව ඉදිරිපත් කිරීමෙන් පසු වංචා කළ මුදලින් රුපියල් ලක්ෂ 05ක මුදලක් ගෙවීමෙන් පසු ඇප මත මුදා හැරිය බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here