Home උණුසුම් පුවත් ජනපති ඇමෙරිකාවට

ජනපති ඇමෙරිකාවට

ජනපති ඇමෙරිකාවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ළඟා වී තිබේ.

අමෙරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා ය.

කියුබාවේ සංචාරයක නිරත වූ ජනාධිපතිවරයා ‘ජී 77 සහ චීනය’ රාජ්‍ය නායක සමුළුව පෙරේදා(15) දිනයේ ඇමතීය.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වැනි සැසිවාරය හෙට දිනයේ සිට ලබන 21 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 21 වැනි දින සැසිවාරය අමතා සිය විශේෂ දේශනය සිදු කිරීමට නියමිත වේ.

එම සැසිවාරයට සමගාමී ව සැප්තැම්බර් මස 18 වැනි දින පැවැත්වෙන 2030 වෙනුවෙන් පරිවර්තනීය සහ වේගවත් ක්‍රියාදාමයන් සඳහා ලෝක නායකයන් විසින් මාර්ගෝපදේශය සපයනු ලබන 2023 තිරසර සංවර්ධන ඉලක්ක සමුළුවේ රාජ්‍ය නායක සමුළුව සඳහා ද ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතයි.

එදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමුළුවට එක් ව සිටින රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.

සමුද්‍රීය ජාතීන් සඳහා වන ඉන්දු පැසිෆික් දූපත් රාජ්‍යයන් අතර සංවාදය සඳහා ද හෙතෙම එක් වන බව සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here