
අංජනා මල්ලවආරච්චි
ලංකා විදුලිබල මණ්ඩලයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ සේවය කළ රියදුරකු වූ මොහොමඩ් ෆාරුක් මොහොමඩ් කුරේෂ් මහතා කොරෝනා ආසාදිත ව මිය ගොස් තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලයෙන් වාර්තා වන පළමු කොරෝනා මෙය වන අතර කොරෝනා වසංගතය හමුවේ කැපවී සේවය කළ එම රියදුරු මහතාගේ බිරිඳට ලංකා විදුලිබල මණ්ඩලයේ රැකියාවක් ලබා දීමටත් පවුලේ සුබසිද්ධිය වෙනුවෙන් හැකි සියළුම සහන ලබා දීමටත් විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කටයුතු කර තිබේ.
මොහොමඩ් කුරේෂ් මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කර ඇති කාලය වසර විස්සකි.
මිය යන විට හතළිස් වැනි වියේ පසුවූ හෙතෙම දෙදරු පියෙකි.