Home උණුසුම් පුවත් විදුලි ත්‍රීවිල් ලියාපදිංචියට තිබූ බාධා ඉවත් කරයි

විදුලි ත්‍රීවිල් ලියාපදිංචියට තිබූ බාධා ඉවත් කරයි

විදුලි ත්‍රීවිල් ලියාපදිංචියට තිබූ බාධා ඉවත් කරයි

විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමට පවතින බාධාවන් ඉවත් කරමින් මෝටර් වාහන පනත සංශෝධනය කිරීමට අදාළ කෙටුම්පත ගැසට් කිරීමට රජය තීරණය කරයි.

එය ගැසට් කිරීමෙන් අනතුරුව කෙටුම්පත සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කිරීමට ඊයේ පැවති ඇමති මණ්ඩල රැස්වීමේදී එකඟතාව පළවී තිබේ.

විද්‍යුත් ත්‍රිරෝද රථ නිෂ්පාදනයේදී සහ පෙට්‍රල් හෝ ඩීසල් භාවිතයෙන් ධාවනය කරනු ලබන ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය කිරීමට හැකි වනු පිණිස පරිවර්තනය කිරීමේදී ඒ සඳහා විද්‍යුත් ආරෝපිත බැටරි භාවිත කරන බැවින් එවැනි ත්‍රිරෝද රථවල තාර බර කිලෝග්‍රෑම් 500 ඉක්මවන බව හඳුනාගෙන ඇත.

එසේම, මෝටර් වාහන පනතේ අර්ථ නිරූපණය අනුව මෝටර් ට්‍රයිසිකලයක තාර බර කිලෝග්‍රෑම් 500ක් හා දළ බර කිලෝග්‍රෑම් 1000ක් නොඉක්ම විය යුතු වේ.

ඒ අනුව, විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමට පවතින බාධාවන් ඉවත් කරමින් මෝටර් වාහන පනත සංශෝධනය කිරීම පිණිස 2022-08-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

එකී අනුමැතිය පරිදි නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී තිබේ.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ඊයේ අනුමත කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here